මෙහෙවර

ශී‍්‍ර ලංකාවේ අවශ්‍යතාවය:

ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව දේවධර්මාචාර්ය අජිත් ප‍්‍රනාන්දු ගේ අදහස් වලට සවන් දෙන්න.


පොතකට දායකත්වය ව්‍යාපෘතිය:

දුෂ්කර ප‍්‍රදේශවල වෙසෙන ශී‍්‍ර ලාංකීකයන් වෙත අපගේ දිනපතා භෝජනය ගෙන යාමට මෙම ව්‍යාපෘතිය උපකාරවී ඇති ආකාරය දෙස බලන්න

සාක්ෂි

ශී‍්‍ර ලාංකාව පුරා, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ සනසන හා ශක්තිමත් කරන සේක. ඔවුන්ගේ කථාවට සවන්දෙන්න:

වසන්ත

ප‍්‍රදාප්

එක්වන්න

දෙවියන්වහන්සේ ශ‍්‍රී ලංකාව තුළ මහත් දේ කරන සේක! දෙවියන්වහන්සේගේ වචනය තුළින් ජීවිත ස්පර්ශ කිරීමට උන්වහන්සේ අපට දෙන්නාවූ අවස්ථාවන් පිළිබඳව අප මෙන්ම ඔබත් උනන්දුද? මෙරට තුළ උන්වහන්සේගේ සෙනඟ වෙතට බයිබලයේ ජීවිත වෙනස් කරන්නාවූ ප‍්‍රඥාව ගෙනයාමට ශ‍්‍රී ලංකාවේ විවෘත මංපෙත් තුළින් අපත් සමඟ එකතුවන්න. යේසුස්වහන්සේගේ පේ‍්‍රමය වෙත ඔවුන්ගේ දොරටු සහ හදවත් විවෘත කරන පිණිස අප සමඟ යාච්ඤා කරන්න. ශ‍්‍රී ලංකාවට ඔබගේ යාච්ඤාව සහ සහයෝගය අවශ්‍යයි!

× අප සමඟ යාච්ඤා කරන්න:
  • මේ දේශයේ සෑම ප‍්‍රදේශයකටම ශුභාරංචිය පැතිරෙන පිණිසත්, බොහෝ දෙනෙකු දෙවියන්වහන්සේ තුළ සමාදානයත් සුවයත් අත්දකින පිණිස.
  • එම ඇදහිලිවතුන් ඔවුන්ගේ ඇදහිල්ල තුළ පරිණත වන පිණිසත්, උන්වහන්සේගේ පේ‍්‍රමය නිර්භීතව අවට සිටින්නන් සමඟ බෙදා ගන්නා පිණිසත්.
  • බොහෝ දේවස්ථාන සමඟ හවුල්ව බයිබලීය සම්පත් බෙදා හැරීමට දෙවියන්වහන්සේ තව දුරටත් අපට දොරටු විවෘත කරන පිණිස.

"පොතකට - දායකත්වය" ව්‍යාපෘතිය:

  • අපගේ සම්පත් මිලදී ගැනීමට නොහැකි අය වෙත සම්පත් බෙදාහැරීමේදී බොහෝ දෙනා අප සමඟ හවුල්වන පිණිස.

 දෙනෙක් යාච්ඤා කිරීමට කැපවී ඇත

ඔබගේ දිරිගැන්වීමට ස්තූතියි

Close

ක‍්‍රිස්තුස්වහන්සේ තුළ මා ප‍්‍රිය සහෝදරය,
ඔබගේ සේවය නිසා දෙවියන්වහන්සේට ස්තූති වේවා. අපගේ ශ‍්‍රී ලාංකික පවුල සමග ශුභාරංචියත් පේ‍්‍රමයත් බෙදාගැනීම ගැන සතුටු වෙමි. ඔබගේ වෙහෙස අපතේ නොයන බැවින් එය නිස්කාරණයේ නොවන්නේය. අපගේ මාංශ්‍ය දුර්වල බව දැන, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශක්තිය අපට දෙන්නේ ඉදිරියට යාමටය. අපට ඉදිරියට යා හැකි වන්නේ උන්වහන්සේගේ අනුග‍්‍රහයෙන් පමණි. කි‍්‍රස්තුස්වහන්සේ තුළ අප හවුල්කරුවන් වන්නෙමු.
අපගේ යාච්ඤාව ඔබ වෙනුවෙන් වන අතර, අප ඉල්ලන හෝ හිතනවට වඩා අපමන මහත් ලෙස ක‍්‍රියා කිරීමට, අප තුළ ක‍්‍රියා කරන දෙවියන්වහන්සේගේ බලයට හැක.
දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා!
මලයාසියාවේ පාඨකයෙක්

"මගේ සිහින රැකියාව කොහේද?" නැමැති ශුභාරංචි පත‍්‍රිකාව මට සම්බවිය. ඉතා ප‍්‍රායෝගිකව සහ ක‍්‍රමාණුකූලව හා තර්කාණුකූලව එය පාඨකයාව දෙවියන්වහන්සේ වෙතට යොමු කරයි. එමෙන්ම "ශ‍්‍රී ලංකාවේ විවෘත මං පෙත්" ව්‍යාපෘතිය පිළිබඳවද මම උද්ධාමයට පත්විමි. ශ‍්‍රී ලංකාව තුළ සේවය කිරීමට බොහෝ දෙනෙකුගේ හදවත් තුළ දෙවියන්වහන්සේ පැහැදීමක් ඇතිකරමින් ඇති බව පෙනේ. සුදුසු කාලය එලැඹ ඇත. දෙවියන්වහන්සේට ප‍්‍රශංසා වේවා.
සිංගප්පූරුවේ පාඨකයෙක්

මම දේව වචනයට පේ‍්‍රම කරන අතර, විශේෂයෙන්ම එය මට යේසුස්වහන්සේ කෙරෙහි හා උන්වහන්සේ අප වෙනුවෙන් කළ දේ පිළිබඳව මට වසය 20 ගණන් වලදී මගේ දෑස් විවර කළ බැවිනි. එබැවින් උන්වහන්සේගේ වචනය මාගේ දෙමව්පියන්ගේ මව්බිමට රැගෙනයාම දැකීම මට උද්දාමයක් ගෙනදේ. පසුගිය මාස කීපයේදී මා ශ‍්‍රී ලංකාව ගැනත් එහි ආත්මික කටයුතු කෙසේද යන්නත් සිතන්නට විය.
එවිට දෙවියන්වහන්සේ මාගේ සභාවේ සිටින ශ‍්‍රී ලාංකික සරණාගතයින් කීපදෙනෙකු හදුනාගන්ට මට අවස්ථාවක් දුන් සේක. දැන් අපගේ දිනපතා භෝජනය සේවයෙන් ශ‍්‍රී ලංකාවේ විවෘත මංපෙත් වෙත හවුල්වීමට ලැබුන ලිපිය මගේ දෙවන අවස්ථාවයි.
මම වැඩි දුර දැනගැනීමට කැමති අතර, මට හවුල්වීමටද හැක. මම මෙම සේවය වෙනුවෙන් දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වන අතර ඉදිරි කාලයේදී මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට බලාපොරොත්තු වෙමි.
ක‍්‍රිස්තුස්වහන්සේ තුළ.
ඕස්ටේ‍්‍රලියාවේ පාඨකයෙක්